(ජයග්‍රාහක) පී. කරුණාරත්න බණ්ඩාර – කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ, තඹුත්තේගම කොට්ඨාසය
සැමවිටම සුපිලිපන්නව තම රාජකාරියේ යෙදීමට උත්සාහ දරන කරුණාරත්න බණ්ඩාර මහතා ඒ හේතුවෙන්ම තම පළාතේ බලවත්ම දේශපාලන අධිකාරියත් සමග ගැටී ස්ථාන මාරුවකට ලක්වුවෙක්. එහෙත් ඔහු තමාගේ ප්‍රතිපත්ති රකිමින් සිදුවූ අගතිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් ඔහු ගත් තීරණයේ නිවැරදි බව ඔප්පු කළේය. විදුහල්පතිවරයෙක් ලෙසද ඔහු සේවා කළ කාලය සලකා බලන විට ජනතා සේවයට කරුණාරත්න බණ්ඩාර මහතා දක්වන ඇල්ම කැපී පෙනෙන්නේය.