•  

     

     

     

    රාජ්‍ය සේවය ජනතා සේවයක් බවට පත් කළ
    අවංක රාජ්‍ය නිලධාරීන් අභිෂේක ගන්වන

    ඉන්ටග්‍රිටි අයිකන් 2022/23

    අවංකත්වයේ ආලෝකය අභිෂේක ගන්වමු

ඉන්ටග්‍රිටි අයිකන් 2022/23

සිය රාජකාරියෙන් ඔබ්බට යමින්, මහජන සුබසෙත උදෙසා ක්‍රියා කරන ශ්‍රී ලාංකේය රාජ්‍ය නිලධාරීන් හට ‘කීර්තිය සහ ප්‍රණාමය’ පුද කරනු වස් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සුවිශේෂ සම්මාන වැඩසටහනක් වසර ගණනක් මුළුල්ලේ පවත්වයි.

අකවුන්ටබිලිටි ලැබ් නමැති ගෝලීය සංවිධානයේ මූලික සංකල්පයක් වශයෙන් ආරම්භ වූ ඉන්ටග්‍රිටි අයිකන් (සුපිළිපන් ප්‍රණාම) වැඩසටහන 2018 සිට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන්නකි. තම ප්‍රජාවන් අතර සුපිළිපන්නභාවය ඇති කිරීම උදෙසා ඵලදායී අදහස් මතු කරමින් සහ ක්‍රියාත්මක කරමින් වෙනසක් ඇති කිරීමට කැපවී සිටින රාජ්‍ය නිලධාරීන්ට අත්වැලක් සැපයීම වෙනුවෙන් අකවුන්ටබිලිටි ලැබ් ආයතනය ක්‍රියාත්මක වේ. අඛණ්ඩව පස්වන වරට ඉන්ටග්‍රිටි අයිකන් ශ්‍රී ලංකා 2022/23 සඳහා නාමයෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති බව අපි ඉතා සතුටෙන් මෙසේ දන්වා සිටිමු.

බාහිර සහ අභ්‍යන්තර අතපෙවීම්වලට නොනැමී, දූෂණයට එරෙහිව ක්‍රියා කරමින් සිය රාජකාරිය සුපිළිපන් භාවයෙන් යුතුව ඉටු කරන රාජ්‍ය නිලධාරීන් හඳුනා ගැනීම සහ දිරි ගැන්වීම ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහනෙහි අරමුණ වේ. කෝවිඩ්-19 ඉදිරි පෙළ කටයුතු කළ සුවවිරුවන් අගය කරමින් පසුගිය වසරේ ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන විශේෂ තේමාවකට අනුව පවත්වන ලදි. නමුත් මෙම වසරේ යළිත් පෙර පරිදි ම රාජ්‍ය සේවයේ සියලු ක්ෂේත්‍ර සඳහා ඉන්ටග්‍රිටි අයිකන් වැඩසටහන විවෘත වේ.

අයදුම්පත්‍රය සහ අත්පොත

අත්පොත සම්පූර්ණයෙන් කියවා අයදුම්පත්‍රය පිරවීම සිදු කරන්න

නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කිරිමේ අවසාන දිනය : 2023 පෙබරවාරි 17 හෝ එදිනට පෙර

back to top