පී.ඒ.සී ප්‍රියදර්ශනී (ජයග්‍රාහක)
රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීමේදී පවතින දුෂණ හා අක්‍රමිකතා සාමාන්‍ය ජනතාව වාර්ෂිකව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මතුගම ශාන්ත මේරී විදුහලේ විදුහල්පතිනිය, ප්‍රියදර්ශනී මෙනවිය එවැනි දුෂණ අවම කිරීමට සහ වැලක්වීමට විශේෂ ලකුණු ක්‍රමයක් සකස් කරනු ලැබුවාය. මෙම කුසලතාවය මත පදනම් වූ, බඳවා ගැනීමේ ක්‍රමය හේතුවෙන් ඇයට ඇයගේ ප්‍රජාවේ සියල්ලන්ගෙන් ඉමහත් ප්රසංශාවක් දිනා ගැනීමට හැකි වුවා මෙන්ම දේශපාලන බලධාරීන්ගේ කෝපයටද දිරියෙන් යුතුව මුහුණ දුන්නාය. ශාන්ත මේරි විදුහලේ පවතින සීමිත සම්පත් ප්‍රමාණය කාර්යක්ෂමව භාවිතා කරමින් ඊ – පුවරු හා නවීන ක්‍රීඩා උපකරණ ආදී පහසුකම් දක්වා පාසැල සංවර්ධනය කිරීම හේතුවෙන් ඇය ප්රසංශාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත.